බේබදු වදක පියෙක් බුත්තලින් අල්ලයි

අවුරුදු හයක් වයසැති දියණියකට සහ අවුරුදු හතරහමාරක් වයසැති පුතුට අමානුෂික ලෙස පහරදුන් බව කියන එම දරුවන් දෙදෙනාගේ පියා බුත්තල උඩගම ප්‍රදේශයේදී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
බීමත්ව නිවසට පැමිණෙන පියා තම දරුවන් දෙදෙනාට අමානුෂිකව ලෙස පහරදෙන බවට පොලීසියට ලද තොරතුරක් මත පොලීසිය සැකකාර පියා අත්අඩංගුවට ගෙන ඇති අතර දරුවන් දෙදෙනා වෛද්‍ය පරීක්ෂණයක් සඳහා බුත්තල ප්‍රාදේශීය රෝහලට ඇතුලත්කොට තිබේ.
සැකකාර පියා වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
13295 Views
Comments