වසංගතය මධ්‍යයේ පරිපූරක වෛද්‍ය වෘත්තිකයින් නැවතත් වැඩවර්ජනයකට

සෞඛ්‍ය අමාත්‍යාංශය සහ වෘත්තීය සමිති නායකයින් විසින් ඇතිකර ගත් එකඟතාවයන්ට අනුව කටයුතු සිදු නොවුනහොත් එලැඹෙන බදාදා දිනයේ සිට නැවතත් වෘත්තිය වෘත්තීය ක්‍රියාමාර්ගයකට පිවිසෙන බව පරිපූරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බලමණ්ඩලය විසින් දැනුම් දී තිබේ.
ඔවුන් මෙලෙස වැඩවර්ජනයක නිරතවීමට සූදානම් වන්නේ උසස්වීම් සහ මාණ්ඩලික තත්වයට අදාල ඉල්ලීම් කීපයක් මුල් කරගෙනයි.
ඒ අනුව හෙට දිනයේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමට තමන්ගේ ඉල්ලීම් ඉදිරිපත් නොකරන්නේ නම් බදාදා සිට නැවතත් වැඩවර්ජනයක නිරතවන බවයි ඔවුන් සඳහන් කරන්නේ.
1264 Views
Comments