උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාගයට නියම කර ඇති දිනයන් තවමත් අවිනිශ්චිතයි
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
11

උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාගයට නියම කර ඇති දිනයන් තවමත් අවිනිශ්චිතයි

උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාගයට නියම කර ඇති දිනයන් තවමත් අවිනිශ්චිතයි

2021 වසර සඳහා වන අපොස උසස් පෙළ විභාගය සහ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට මේ වන විට නියම කර දිනයන් පිළිබඳව තවදුරටත් සලකා බලා නිෂ්චිත දිනයක් ඉදිරියේදී දැනුම් දෙන බව අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා සඳහන් කරයි.

 

ඔහු විසින් පසුගිය ජුලි 9 වනදා විශේෂ නිවේදනයක් මඟින් උසස් පෙළ විභාගය ඔක්තෝම්බර් මස 4 වන දාත් ශිෂ්‍යත්ව විභාගය ඔක්තෝම්බර් මස තුන් වන දාත් පවත්වන බව දැනුම් දුන්නා.

 

කෙසේ නමුත් මෙම දිනයන් පිළිබඳව නැවතත් මත දෙකක් මතු වී තිබේ.

 

ඒ අනුව ඉදිරියේ දී විභාගය පැවැත්වෙන දිනයන් පිළිබඳව අධ්‍යාපන අමාත්‍යාංශය විසින් දැනුම් දීමට නියමිතය.

views

1281 Views

Comments

arrow-up