මත් ජාවාරමුන්ගේ මුදල් බැංකු ගතකල කාන්තාවගේ පැටිකිරිය එළියට
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
31

මත් ජාවාරමුන්ගේ මුදල් බැංකු ගතකල කාන්තාවගේ පැටිකිරිය එළියට

මත් ජාවාරමුන්ගේ මුදල් බැංකු ගතකල කාන්තාවගේ පැටිකිරිය එළියට

ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන රත්මලානේ කුඩු අංජු නැමැත්තාගේ ගෝලයෙකු වන ධර්මසිරි නැමැති පුද්ගලයා සමඟ සමීප සම්බන්ධතාවයක් පවත්වාගෙන යමින් මත්කුඩු ජාවාරමෙන් උපයන මුදල් බැංකුගත කරමින් කටයුතු කළ කාන්තාවක් ඊයේ(30) අත්අඩංගුවට ගෙන ඇත.

 

ඇය සන්තකයේ තිබී බැංකු පොත් දෙකක්, රුපියල් දහඅට ලක්ෂ හැත්තෑ පන්දහසක මුදලක්, විදේශ ගමන් බලපත්‍රයක් සහ හෙරොයින් වර්ගයේ මත්ද්‍රව්‍ය ග්‍රෑම් 05ක් සොයා ගැනුණි.

 

අඟු‍ලාන පොලීසියට ලද තොරතුරකට අනුව සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇති අතර 31 ක් හැවිරිදි ඇය මැදපෙරදිග රැකියාවක නියුතුව සිට පැමිණ ඇති බවට අනාවරණය වී තිබේ.

 

සැකකාරිය අද(31) මොරටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

views

843 Views

Comments

arrow-up