15 හැවිරිදි දැරියක් අපයෝජනය කළ තරුණයෙකු අත්අඩංගුවට - දැරියට නිවුන් දරුවන් පිළිසිඳගෙන

වයස අවුරුදු 15ක් වන දැරියක් අපයෝජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හාලිඇල ප්‍රදේශයේ 21 හැවිරිදි තරුණයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
දැරිය අපයෝජනය වීම සම්බන්ධයෙන් ඇයගේ දෙමව්පියන් කිසිවක් දැන සිටියේ නැත.
හදිස්සියේම ඇයට ඇතිවූ අසනීප තත්ත්වයක් හේතුවෙන් ඔවුන් දැරියව බදුල්ල පෞද්ගලික රෝහලකට ඇතුළත් කර තිබුණා.
එහිදී සිදුකළ සිදුකළ පරීක්ෂණ වලින් අනාවරණය වූයේ දැරිය ගැබිණියක් වී ඇති බවත් ඇයට නිවුන් දරුවන් පිළිසිඳ ගෙන ඇති බවයි.
පසුව දැරියගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී තමා අපයෝජනය කළ පුද්ගලයා පිළිබඳව කරුණු අනාවරණය කර ඇති අතර සැකකරුව ප්‍රදේශයෙන් පලාගොස් සැඟවී සිටියදී සොයා ගැනීමට හාලිඇල පොලිසිය සමත් විය.
34180 Views
Comments