විමල් පතලකට බසී
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
17

විමල් පතලකට බසී

විමල් පතලකට බසී

විදේශ විනිමය වැඩි වශයෙන් උපයාගත හැකි ලෙස සියලු අංශයන් කාර්ශක්ෂම කරන බව කහටගල පතල නිරීක්ෂණ චාරිකාවකට එක් වෙමින් කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

 

 

කුරුණෑගල, දොඩම්ගස්ලන්ද, මදුරාගොඩ පිහිටි කහටගහ මිනිරන් පතල් සංකීර්ණයෙහි ක්‍රියා වලිය දැක බලාගැනීමෙන් පසු අමාත්‍යතුමා මාධ්‍යවේදීන් වෙත අදහස් දක්වමින් ප්‍රකාශකර සිටියේ කහටගහ පතල් සංකීර්ණයේ සියලු අංශ කාර්යක්ෂම කොට, අගය එකතු කළ මිනිරන් ආශ්‍රිත නිෂ්පාදන අපනයනය කෙරෙහි ද අවධානය යොමු කරමින් දැනට වඩා වැඩියෙන් රටට විදේශ විනිමය උපාය දෙන තැනක් බවට එම පතල පත් කිරීම තම අරමුණ බවයි.

 

 

කහටගහ පතල, කර්මාන්ත අමාත්‍යාංශය යටතේ පවතින පූර්ණ රාජ්‍ය සමාගමක් වන කහටගහ ග්‍රැෆයිට් ලංකා ලිමිටඩ් ආයතනය සතු වූවකි. අක්කර 102ක භූමිභාගයකින් යුත් පතල් සංකීර්ණය සතු මිනිරන් සංචිතය පිළිබඳ ශක්‍යතා අධ්‍යයනයක් මේ වන විටත් සිදුවෙමින් පවතී.

views

1015 Views

Comments

arrow-up