රිෂාඩ් බදියුදීන් කොළඹ ජාතික රෝහලට ඇතුලත් කෙරේ
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
17

රිෂාඩ් බදියුදීන් කොළඹ ජාතික රෝහලට ඇතුලත් කෙරේ

රිෂාඩ් බදියුදීන් කොළඹ ජාතික රෝහලට ඇතුලත් කෙරේ

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවේ පසුවන පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් ඇතිවූ අසනීප තත්වයක් හේතුවෙන් ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.

 


ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට අදාළව ඔහු රඳවාගෙන ප්‍රශ්ණ කරමින් පවතින අතර අද උදෑසන ඔහු නිලධාරීන්ට දන්වා තිබුනේ තමන්ට අසනීප තත්වයක් ඇති බවයි.

 


අනතුරුව ඔහු ප්‍රතිකාර සඳහා ජාතික රෝහලට රැගෙන ගිය අවස්ථාවේදී ප්‍රතිකාර සඳහා රෝහලට ඇතුලත් කරගෙන තිබේ.

 


පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ ඔහුගේ ආරක්ෂාව වෙනුවෙන් එම ස්ථානයට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නිලධාරීන් යොදවා ඇති බවයි.

views

911 Views

Comments

arrow-up