කොවිඩ් වැළඳුණු දරුවන් පන්සීයක් - 10ක් ජීවිතක්‍ෂයට
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
24

කොවිඩ් වැළඳුණු දරුවන් පන්සීයක් - 10ක් ජීවිතක්‍ෂයට

කොවිඩ් වැළඳුණු දරුවන් පන්සීයක් - 10ක් ජීවිතක්‍ෂයට

කොවිඩ් 19 වෛරසය ආසාදනයවූ දරුවන් පන්සියයකට ආසන්න පිරිසක් කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් මේ දක්වා වාර්තාවී ඇතැයි එම රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පැවැසීය.

 

මේ දක්වා කොවිඩ් වෛරසය උත්සන්නව දරුවන් දස දෙනකු ළමා රෝහලේදී මියගොස් ඇතැයිද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

 

කුඩා ලමුන්ට කොරෝනා ආසාදනයවීම වැඩි ප්‍රවණතාවයක් දක්නට ලැබෙන බව කී වෛද්‍ය පෙරේරා මහතා කොවිඩ් වැළඳුණු දරුවන් 05 ත් 10 ත් අතර සංඛ්‍යාවක් දිනපතා රිජ්වේ රෝහලින් වාර්තාවන බවද ප්‍රකාශ කළේය.

 

කොවිඩ් ආසාදනයවී දරුවන් 28 දෙනකු දැනට රිජ්වේ රෝහලේ ප්‍රතිකාර ලබන බවත් ඒ පිරිසේ කොරෝනා සහ ඩෙංගු යන රෝග තත්වයන් දෙකම දක්නට ලැබෙන දරුවන් කිහිප දෙනකුද සිටින බවත් විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කළේය.

 

කොවිඩ් වාට්ටු දෙකෙන් එක් වාට්ටුවක ළමයින් 18 දෙනෙකුද අනෙක් වාට්ටුවේ ළමයින් 10 දෙනෙකුද ප්‍රතිකාර ලබන බව විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පැවසා සිටියේය.


දරුවන් නිවෙස්වලින් බැහැරට රැගෙන යන අවස්ථාවන්හිදී මුව ආවරණයක් නිවැරැදි ආකාරයට පළඳවන ලෙසද, දරුවන් වෛරසයෙන් ආරක්‍ෂා කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද ඔහු ඉල්ලීමක් කරයි.

views

757 Views

Comments

arrow-up