එක්ස්ප්‍රස් පර්ල් නැවේ වන්දියෙන් කොටසක් කපා හැරේ
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
24

එක්ස්ප්‍රස් පර්ල් නැවේ වන්දියෙන් කොටසක් කපා හැරේ

එක්ස්ප්‍රස් පර්ල් නැවේ වන්දියෙන් කොටසක් කපා හැරේ

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව මුහුදුබත් වීමෙන් මෙරට මුහුදු තීරය ඇතුළු පරිසරයට සිදු වූ හානිය වෙනුවෙන් නැව් සමාගමෙන් සහ එහි රක්ෂණ සමාගමෙන් ඉල්ලා තිබූ වන්දි මුදල ඇමරිකානු ඩොලර් මිලියන 40 කි. කෙසේ වෙතත් ඉන් මෙරටට ලැබීමට නියමිත වූ ඇමෙරිකානු ඩොලර් මිලියන 18 ක් අහිමි වී තිබෙනවා.

 

ඊට හේතු වී ඇත්තේ වියදම් ඇස්තමේන්තු කිරීමේ දී සිදු වූ වරදකි. මේ හේතුවෙන් මෙරටට අහිමි වූ මුදල රුපියල් මිලියන 3600කි.

 

මුහුදු බත්වු නෞකාවේ තෙල් කාන්දුව පිළිබඳව  සමෘද්ධිය ආරක්ෂණ අධිකාරිය අවස්ථා කිහිපයකම පරික්ෂා කළ අතර ඔවුන් පවසන්නේ එම තෙල් කාන්දුව තවමත් සිදු වෙමින් පවතින බවයි.

views

866 Views

Comments

arrow-up