මානව හිමිකම් කොමිසමේ ගොඩ ගැසුණු පැමිණිලි කඩිනමින් විමර්ශනයට

මානව හිමිකම් උල්ලංඝණය සම්බන්ධයෙන් මහජනතාව යොමු කළ පැමිණිලි 11000 කට අධික සංඛ්‍යාවක් කඩිනමින් විමර්ශනය කිරීමට මානව හිමිකම් කොමිසම විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කර තිබේ.
ප්‍රධාන කාර්යාලය හා දිස්ත්‍රික් කාර්යාල මට්ටමින් එම පැමිණිලි විමර්ශනය කරන බව එහි කොමසාරිස් නීතිඥ නිමල් පුංචිහේවා මහතා සඳහන් කළේය.
මානව හිමිකම් කොමිසමට යොමු කළ ඇතැම් පැමිණිලි වෙනත් ආයතන වෙත යොමු කළ යුතු පැමිණිලි බව මූලික විමර්ශනවලදී හෙළිව ඇති අතර ඒ අනුව අදාළ පැමිණිලි රාජ්‍ය සේවා කොමිසම, පොලිස් කොමිසම, කම්කරු දෙපාර්තමේන්තුව හා පාරිභෝගික කටයුතු අධිකාරිය යන ආයතන වෙත යොමු කිරීමට නියමිතයි.
එම පැමිණිලි අදාළ ආයතනවලින් නිසි පරිදි විමර්ශනය කරන්නේදැයි අධීක්ෂණය කරන බව ද නීතිඥ නිමල් පුංචිහේවා මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.
195 Views
Comments