දේශබන්දුට එරෙහි පුද්ගලික පැමිණිල්ලට තාවකාලික අතුරු නියෝගයක්
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
16

දේශබන්දුට එරෙහි පුද්ගලික පැමිණිල්ලට තාවකාලික අතුරු නියෝගයක්

දේශබන්දුට එරෙහි පුද්ගලික පැමිණිල්ලට තාවකාලික අතුරු නියෝගයක්

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහිව, අරගලකරුවන් ජනාධිපති මන්දිරයට අයූතු ලෙස ඇතුළු වූ අවස්ථාවේදී එහි තිබී මුදල් සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනු කර ඇති පුද්ගලික පැමිණිල්ල විභාග කිරීම වළක්වාලමින් අභියාචනාධිකරණය තාවකාලිකව අතුරු නියෝගයක් නිකුත් කර තිබේ.

 

අධිකරණ වාර්තාකරු පවසන්නේ, දේශබන්දු තෙන්නකෝන් මහතාට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා නිකුත් කර ඇති සිතාසිය පදනම් කරගෙන ඉදිරි පියවර ගැනීම වළක්වාලමින් අභියාචනාධිකරණය කොටුව මහේස්ත්‍රාත්වරයා වෙත තවත් අතුරු නියෝගයක් නිකුත් කර ඇති බව ය. දින 14 කට එම අතුරු නියෝගය බලපැවැත්වෙන පරිදි නිකුත් කර තිබේ.

 

අභියාචනාධිකරණය විසින් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට වැඩිදුරටත් නියෝග කර ඇත්තේ, අදාළ පුද්ගලික පැමිණිල්ල ලබන 28 වනදා තෙක් කැඳවීමෙන් හෝ විමසීමෙන් වළකින ලෙස බව සඳහන්ය.

views

214 Views

Comments

arrow-up