ෆවුසි යලිත් මැතිසබයට

සමගි ජන බලවේගයේ මුජිබුර් රහුමාන් මහතාගෙන් ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරය සඳහා ඒ. එච්. එම්. ෆවුසි මහතා අද කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නා.
මුජිබුර් රහුමාන් මහතා සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස් වුණේ මෙවර පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වීමේ අරමුණෙන්.
පසුගිය මැතිවරණයේ දී සමගි ජන බලවේගයට කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසනය 06 ක් හිමි වූ අතර මනාප 48701 ක් ලබාගත් ෆවුසි මහතා රැඳී සිටියේ මනාප ලැයිස්තුවේ හත්වන ස්ථානයේ යි.
කොළඹ හිටපු නගරාධිපතිවරයෙකු ද වන ඒ. එච්. එම්. ෆවුසි මහතා මේ වන විට 85 වන වියේ පසු වනවා.
208 Views
Comments