බුද්ධාගම පොත ගෙනාවේ නැතැයි ඉස්කෝලේ සර් සිසුවාගේ කනට ගහලා

බුද්ධ ධර්මය පොත පාසලට නොගෙන ආ සිසුවෙකුට එම විෂය උගන්වන ගුරුවරයා විසින් එල්ල කල කනේ පහර නිසා එක් කනක් දැඩි ලෙස තුවාලවී තිබීම හේතුවෙන් හෝමාගම රෝහලට ඇතුලත් කර තිබෙන බව වාර්තා වෙනවා.
.
පාදුක්ක ප්‍රදේශයේ පාසලක දහය වසරේ ඉගෙනුම ලබන සිසුවෙකුට මෙලෙස පහර දී ඇති බවයි වාර්තා වෙන්නේ.
පාදුක්ක මලගල ප්‍රදේශයේ පදිංචි දේවින් යසිත් බණ්ඩාර නමැති 15 හැවිරිදි මෙම ශිෂ්‍යයා අධික රුධිර පීඩනය හතිය පීනස ආදී රෝග ගනණාවකින් පීඩා විදින අයෙකු බවයි පොලිසිය පවසන්නේ.
ඔහුගේ පියා පොලිසියට පවසා ඇත්තේ මෙවැන්නක්
"එයා රෝගාබාධ ගනනාවකින් පීඩා විදින කෙනෙක්. පහුගිය අට වෙනිදා පුතා ස්කෝලෙ ගිහින් ඉන්න කොට බුද්ධ ධර්මය පොත ගෙනාවද අහල තියෙනවා ඒ වෙලාවේ පුතා පොත අරං ගිහින් තිබිලා නෑ. සර් ඇවිත් පුතාගේ කනට ගහලා එතැන හිටපු තව යාලූවෙකුටත් කන් දෙකෙන් උත්සලා ගහල තියෙනවා. පස්සේ ස්කෝලෙ ඇරුණ වෙලාවේ මම පුතාව ගන්න ස්කෝලෙට ගියහම පුතා කිව්වා සර් කනට ගැහුවා කන ඇතුළෙන් ශබ්දයක් එනවා කියලා. පස්සේ මම පුතාවත් එක්කන් ගිහින් විදුහල්පතිතුමාටත් කිව්වා මේ ගැන. එයා කිව්වා මම ඒ ගැන බලන්නම් කියල. පස්සේ පුතාවත් එක්කගෙන මම හෝමාගම පෞද්ගලික චැනලින් මධ්‍යස්තානයකට ගිහින් පුතාගේ කන පෙන්නුවාහම එයාලා කිව්වා කනට හානි වෙලා කියල. පස්සේ හෝමාගම මූලික රෝහලටත් එක්කන් ගිහින් පුතාව පෙන්නුවා එහිදී පුතාගෙ කන දැඩි ලෙස හානිවෙලා කියල කිවුවා."
222 Views
Comments