සජබ කෑගලු දිස්ත්‍රික් ආසන සංවිධායක අත්අඩංගුවට

සමගි ජන බලවේගයේ කෑගල්ල දිස්ත්‍රික් ආසන සංවිධායක ලක්ෂමන් දිසානායක මහතා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ අද(01) උදෑසන ඔහුගේ කලුගල්ල මාවතේ පිහිටි කාර්යාලය තුළදී කාන්තාවක් වෙඩි වැදී මිය යැමේ සිද්ධියකට අදාලවයි.
අදාල ආසන සංවිධායකවරයා විසින් අද උදෑසන මියගිය තැනැත්තියගේ නිවස වෙත ගොස් ඇයව කාර්යාලය වෙත කැදවාගෙන විත් ඇති බවටද තොරතුරු අනාවරණය වී තිබෙනවා.
මෙම කාන්තාව වෙඩි තබා ඝාතනය කර ඇත්ද නැතහොත් වෙඩි තබාගෙන සියදිවි හානිකර ගෙන ඇත්ද යන්න පිළිබඳව පොලිසිය තවදුරටත් විමර්ශන ක්‍රියාත්මක කර තිබෙනවා.
291 Views
Comments