කෘෂිකර්ම අමාත්‍යංශ ලේකම් සහ ඩඩ්ලි සිරිසේන අතර උණුසුම් වචන හුවමාරුවක්
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
25

කෘෂිකර්ම අමාත්‍යංශ ලේකම් සහ ඩඩ්ලි සිරිසේන අතර උණුසුම් වචන හුවමාරුවක්

කෘෂිකර්ම අමාත්‍යංශ ලේකම් සහ ඩඩ්ලි සිරිසේන අතර උණුසුම් වචන හුවමාරුවක්

මහා පරිමාණ හා සුළු පරිමාණ වී මෝල් හිමියන් සහ කෘෂිකර්ම අමාත්‍යවරයා අතර සාකච්ඡාවක් ඊයේ (25) පස්වරුවේ දී කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී පැවැත්විය.

 

මෙහි දී දීර්ඝව සාකච්ඡා කෙරුණේ වී මිල සම්බන්ධව සහ වී මෝල් හිමියන් මුහුණ දී ඇති විවිධ ගැටලු සම්බන්ධයෙනි.

 

මේ සඳහා මහා පරිමාණ වී මෝල් හිමියෙකු වන ඩඩ්ලි සිරිසේන මහතා ද එක්ව සිටියා.

 

කෙසේ වෙතත් මෙම සාකච්ඡාව අතරතුර ඩඩ්ලි සිරිසේන මහතා හා කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම් අතර උණුසුම් වචන හුවමාරුවක් ද සිදුවී ඇත.

 

රජය මඟින් උපරිම මිලකට වී මිලදී ගන්නා අතර තමන් ඊට වඩා වැඩි මිලකට වී මිලදී ගැනීමට සූදානම් බව ඩඩ්ලි සිරිසේන මහතා සාකච්ඡාවෙන් අනතුරුව එම ස්ථානයෙන් පිටව යන අවස්ථාවේ සඳහන් කර ඇත.

 

views

268 Views

Comments

arrow-up