කැළණිය විශ්වවිද්‍යාලයේ සිසුන් රැගෙන ගියේ බලෙන් ද ?

අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලය ඊයේ (18) කොළඹ දී විරෝධතාවක් සංවිධානය කර තිබුණි.
මේ සඳහා කැළණිය විශ්වවිද්‍යාලයේ පළමු සහ දෙවන වසරේ සිසුන් බලහත්කාරයෙන් රැගෙන ගොස් ඇති බවට තොරතුරු වාර්තා වන බව පොලීසිය සඳහන් කරයි.
කැළණිය විශ්ව විද්‍යාලයේ දෙවන වසරේ සිසුන්ගේ විභාග කටයුතු මේ දිනවල පැවැත්වේ.
ඊයේ (18) දිනයේ විභාගය අවසන් වීමත් සමඟ සිසුන් බලහත්කාරයෙන් විරෝධතාවට රැගෙන ගොස් ඇති බවට වාර්තා වන බව පොලීසිය සඳහන් කරයි.
කෙසේ නමුත් මේ වන තෙක් මේ සම්බන්ධයෙන් දෙමාපියන්ගෙන් හෝ දරුවන්ගෙන් පැමිණිලි කිසිවක් ඉදිරිපත් වී නොමැත.
318 Views
Comments