AUG
18
අන්තරේ පා ගමනෙන් 12ක් අත්අඩංගුවට

අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය ඊයේ (18) සංවිධානය කර තිබූ විරෝධතා පාගමන අතරතුර විරෝධතාකරුවන් 12 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
එම විරෝධතාව අතරතුර ඇතිවූ උණුසුම් තත්ත්වය හමුවේ මෙම පිරිස් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
විරෝධතාව පාලනය කිරීම සහ විසුරුවා හැරීම සඳහා පොලිසිය විසින් යූනියන් පෙදෙසේ දී ජල සහ කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර තිබේ.
මෙම විරෝධතාව අතරතුර දී අධිකරණයෙන් වරෙන්තු නිකුත් කර තිබූ අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ද අත්අඩංගුවට ගෙන ඇත.
278 Views
Comments