අවසන් රන්දෝලි පෙරහැර නැරඹීමට ජනපති එක්වෙයි

මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ අවසන් රන්දෝලි පෙරහර නැරඹීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (11) එක්ව තිබේ.
මීට අමතරව මෙම අවස්ථාවට අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී හා ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක මහතා හා මධ්‍යම පළාත් හිටපු ආණ්ඩුකාර සරත් ඒකනායක මහතා එක් විය.
ඊයේ (11) පස්වරු 06.35 ට යෙදුණු සුබ මොහොතින් වීදි සංචාරය ආරම්භ කළ ඓතිහාසික පෙරහර මංගල්‍යයේ අවසාන රන්දෝලි පෙරහර නැරඹීමට මහනුවර නගරයට අතිවිශාල ජනතාවක් පැමිණ සිටියා.
අවසාන රන්දෝලි පෙරහරේ දී ඉන්දිරාජා හස්තියා විසින් පෙරහර කරඬුව වැඩම කර වූ අතර මියන් රාජා සහ බුරුම රාජා දෑලේ ඇතුන් ලෙස ගමන් කළහ.
375 Views
Comments