පොහොර දෙන්නත් "ඇප් එකක්" එයි
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
19

පොහොර දෙන්නත් "ඇප් එකක්" එයි

පොහොර දෙන්නත් "ඇප් එකක්" එයි

 

ලබන මහ කන්නයේ යූරියා පොහොර ලබා ගැනීමට නම් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව හඳුන්වා දී තිබෙන ඇප් එක හරහා ගොවීන් ලියාපදිංචි විය යුතු බව ගොවිජන සේවා කොමසාරිස් ඒ.එච්.එම්.එල්. අබේරත්න පැවසීය.

 

මේ දිනවල ඊට අදාළ ලියාපදිංචි කිරීමේ කටයුතු කෘෂිකර්ම පර්‌යේෂණ හා නිෂ්පාදන සහකාරවරුන් විසින් සිදුකරන බවත්, ඊට ගොවියාගේ සහ පවුලේ සාමාජිකයන්ගේ විස්තර, අධ්‍යාපන සුදුසුකම් ආදියද ලබා ගන්නා බවද ඔහු කීවේය.

 

රටේ වගා කරන බිම් ප්‍රමාණය, වගාකරුවන් කවුද යන්න පිළිබඳව නිශ්චිත තොරතුරු නොමැති බැවින් මෙලෙස තොරතුරු එකතු කර දත්ත ලැයිස්තුවක් සකස් කරන බවද ඔහු කීවේය.

views

307 Views

Comments

arrow-up