නැදුන්ගමුවේ රාජාට දළදා මාලිගාවේ දොරත් වැසේවි ද?

දශකයකට අධික කාලයක් මහනුවර ඇසළ පෙරහැරේ පෙරහර කරඬුව වැඩම කරවූ නැදුන්ගමුවේ රාජා හස්තියා දෙස් විදෙස් සැමගේ ආදරයට පාත්‍ර වූ හස්තියෙකි.
මීට මාස 6කට පමණ ඉහත දී ජීවිතයෙන් සමුගත් නැදුන්ගමුවේ රාජාගේ සිරුර සංරක්ෂණය කිරීමට තීරණය කෙරුණි.
කෙසේ නමුත් මේ වනවිට එම සංරක්ෂණ කටයුතු යම් පසුබෑමකට ලක්ව ඇති බව වාර්තා වේ.
ඊට ප්‍රධාන හේතුව වන්නේ නැදුන්ගමුවේ රාජාගේ සිරුර සංරක්ෂණය කිරීමට සුදුසු ස්ථානයක් නොමැති වීමයි.
ඒ සඳහා දළඳා මාලිගා පරිශ්‍රයෙන් ස්ථානයක් ලබාදෙන බවට පැවසුවද එය මෙතෙක් ඉටු වී නොමැත.
මේ සම්බන්ධව දළදා මාලිගාවේ පාලනාධිකාරිය විධිමත්ව දැනුවත් කර ඇතත් මේ දක්වා ඔවුන්ගෙන් යහපත් ප්‍රතිචාරයක් නොලැබුණු බව ජාතික කෞතුකාගාරයේ අධ්‍යක්ෂ ජනරාල් සනූජා කස්තුරියාරච්චි මහත්මිය සඳහන් කරයි.
338 Views
Comments