ප්‍රදේශ තුනකට දැඩි ආරක්ෂාවක්
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
07

ප්‍රදේශ තුනකට දැඩි ආරක්ෂාවක්

ප්‍රදේශ තුනකට දැඩි ආරක්ෂාවක්

පසුගිය දිනවල වෙඩි තැබීම්,මනුෂ්‍ය ඝාතන ඇතුළු අපරාධ සිද්ධීන් අම්බලන්ගොඩ, අහුංගල්ල සහ මීටියාගොඩ පොලිස් වසම් තුළ වැඩි වශයෙන් වාර්තා වීම නිසා එම ප්‍රදේශවල ආරක්ෂාව තර කිරීමට පියවර ගෙන තිබේ.

 

 

බුද්ධි අංශ වාර්තා පිළිබඳවද නිරන්තරයෙන් අවධානයෙන් පසුවන අතර පොලිසිය, විශේෂ කාර්ය බලකාය, මෙන්ම යුද, නාවික හමුදා කණ්ඩායම් ආරක්ෂාව සඳහා යොදවා ඇත.

 

 

උරගස්මංහන්දිය - බෝගහවෙල ප්‍රදේශයේ පාළු නිවෙසක නීති විරෝධී මත්ද්‍රව්‍ය අලෙවි කරන බවට බුද්ධි අංශ වෙත ලද තොරතුරක් මත එම නිවස පරික්ෂා කිරීමේදී යුද හමුදා සංග්‍රාමික ඇඳුම් කට්ටල 2 ක් ඇතුළු හමුදා ඇඳුම් කට්ටල කිහිපයක් සොයා ගන්නා ලදී.

 

 

පෙරේදා දින පොලීසිය විසින් ග්‍රෑන්ඩ්පාස් - නාගලගම්විදිය ප්‍රදේශයේදි කුඩු නිලූ නැමති කාන්තාවගේ පුත්‍රයෙකු තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් පස්දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදී.

 

 

views

291 Views

Comments

arrow-up