සොරකම් සහ කොල්ලකෑම් රැසකට අවශ්‍යව සිටි සැකකරුවෙකු අත්අඩංගුවට

පොලීසිය විසින් සොරකම් සහ කොල්ලකෑම් රැසකට අවශ්‍යව සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට සමත්වී තිබේ.
සැකකරුඅධිකරණවල විභාගවෙමින් පැවති නඩු 5කට වරෙන්තු ලැබ සිටින අතර කොල්ලකෑම් සහ සොරකම් රැසක් සම්බන්ධයෙන් පොලීසියට අවශ්‍යව සිටි සැකකරුවෙකු බව හෙළි වෙයි.
ඇඹිලිපිටිය කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් ට ලද තොරතුරකට අනුව ඊයේ (29) උදෑසන ඇඹිලිපිටිය වන්ද්‍රිකා වැව ප්‍රදේශයේදී සැකකරු අත්අඩංගුවට ගැනුණි.
හෙරොයින් මත්ද්‍රව්‍ය ද ඒ අවස්ථාවේදී ඔහු සතුව තිබී සොයාගෙන ඇත.
කුට්ටිගල පොලිස් වසමේදී මෙම සැකකරු සමග රන් මාලයක් කොල්ලකෑමට සම්බන්ධ තවත් සැකකරුවෙකු එදින සවස අත්අඩංගුවට ගෙන තිබෙන බව සැකකරුගෙන් අනාවරණය කරගත් තොරතුරු අනුව හෙළි වෙයි.
සැකකරුවන් දෙදෙනා වයස අවුරුදු 46 සහ 30 යන වයස්වල පසුවන මිද්දෙනිය ප්‍රදේශයේ පුද්ගලයින් බව පොලීසිය සඳහන් කළේය.
ඇඹිලිපිටිය, උඩවලව, කුට්ටිගල, ඌරුබොක්ක පොලිස් වසම්වල සිදුකර ඇති කොල්ලකෑම් සහ යතුරුපැදි සොරකම් රැසක් පිළිබඳව සැකකරු විසින් තොරතුරු අනාවරණය කර තිබේ.
පොලීසිය විසින් සැකකරු සොරකම් කරන ලද රන් මාල 04ක්, පෙන්ඩන්ට් 01ක්, යතුරුපැදියක් සහ මුදල් රුපියල් 1,179,000ක් ද සිය භාරයට ගෙන ඇත.
සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
සැකකරු එළඹෙන 14 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
තව කියවන්න
https://aayubo.com/si
තව නිවුස් බලන්න ආයුබෝ app එක download කරන්න.
Android
https://play.google.com/store/apps/details?id=com.sumic.news_app_new
iOS
https://apps.apple.com/us/app/aayubo/id6443983455
Follow Us..
FB pages
https://web.facebook.com/aayubomedia
https://web.facebook.com/aayubonews
YT
https://youtube.com/@AayuboMedia
249 Views
Comments