සෞඛ්‍ය අර්බුදය ගැන දොස්තර නලින්ද කතා කරයි.
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
30

සෞඛ්‍ය අර්බුදය ගැන දොස්තර නලින්ද කතා කරයි.

සෞඛ්‍ය අර්බුදය ගැන දොස්තර නලින්ද කතා කරයි.

මේ වනවිට රෝහල් පුහුණු කාර්යය මණ්ඩලයෙන් විශේෂඥ වෛද්‍යවරුන්ගේ සිට සේවකයින් දක්වා විවිධ පරාසයන් තුළ සිටි කාර්යය මණ්ඩලය ඉවත් වී යන බව ජාතික ජන බලවේගයේ වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.


“පසුගිය කාලයේ තෙල් හා ගෑස් පෝලිම්වල ඉන්න බැරිව රට හැර යන්න පටන්ගත් තැන් සිට මේ ආණ්ඩුව ඇවිත් ගහන උපයන විට ගෙවීමේ ටැක්ස් එක ගෙවා ගන්න බැරිව ඒ පීඩනයන් නිසා අපේ රෝහල් ක්ෂේත්‍රයේ විවිධ කාණ්ඩ වලට අයත් අය විදේශගත වෙනවා. තවත් අය පිටරට ගියේ ලොකු වැටුපක් ගන්න බලාගෙන නොවෙයි, තමන්ගේ දරුවන්ගේ අනාගත සුරක්ෂිතතාවය ගැන හිතලා.


වාර්තා වෙන ආකාරයට විශේෂඥ වෛද්‍යවරුන් 500 ක් පමණ රට හැර ගිහින්. ගොඩක් අය සේවයෙන් ඉවත් වීමේ ලිපියක් භාරදී යන අය නොවෙයි. විශේෂඥ වෛද්‍යවරුන් රට අත්හැර යාම වගේම මේ 30 වනදා වන විට, ඒ කියන්නේ අද දවස ඇතුළත ඔවුන් 148 දෙනෙකු විශ්‍රාම යනවා.


වසර අවසන් වන විට 600 ක් 700 ක් අතර ප්‍රමාණයක් මේ රට අත්හැර යාමට ඉඩ තිබෙනවා. විශේෂඥ වෛද්‍යවරයෙක් පාන් බානවා වගේ හදන්න බැහැ. අඩුම තරමින් අවුරුදු 12 ක් වත් ගත වෙනවා.


අපිට ලැබුණු වාර්තාවක තිබෙන දත්ත ප්‍රමාණයක් ඉදිරිපත් මම කියන්නම්.


2028 වන විට කායික රෝග විශේෂඥයින් 418 ක් ඉන්න ඕනෑ. දැනට ඉන්නේ 240 යි. දෙසැම්බර් වන විට එයින් 22 දෙනෙකු විශ්‍රාම යනවා. ශල්‍ය වෛද්‍ය විශේෂඥවරු 247 ක් ඉන්න ඕනේ. නමුත් ඉන්නේ 145 යි. එයින් 23 ක් දෙසැම්බර් වලදී විශ්‍රාම යනවා.


ළමා රෝග විශේෂඥයින් 302 ක් සිටිය යුතුයි. නමුත් දැනටත් ඉන්නේ 146 යි. එයින් 28 ක් දෙසැම්බර් අවසන් වන විට විශ්‍රාම යනවා. නාරි හා ප්‍රසව විශේෂඥ වෛද්‍යවරුන් 24 ක් මේ වන විට රට අත්හැර ගිහින්. නිර්වින්දන විශේෂ වෛද්‍යවරුන් 284 ක් කලින් උන්නා. නමුත් දැන් ඉන්නේ 129 යි. වසර අවසන් වන විට එයිනුත් 18 ක් විශ්‍රාම යනවා.


ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන් රට අත්හැර යාමේ ප්‍රතිඵලයක් හැටියට අනුරාධපුර ශික්ෂණ රෝහලේ පවත්වාගෙන යන රජරට වෛද්‍ය පීඨයට අනුබද්ධ මහාචාර්ය ඒකකය වහන්න සිදුවුණා. දැනට තාවකාලිකව තඹුත්තේගම රෝහලේ විශේෂඥවරයා සේවයට යොදවා තිබෙනවා.


හෘද රෝග විශේෂඥ වෛද්‍යවරුන් 103 ක් ඉන්න ඕනෑ නමුත්, ඉන්නේ 57 යි. එයින් 08 දෙනෙක් දෙසැම්බර් වන විට විශ්‍රාම යනවා. සමේ රෝග විශේෂඥ වෛද්‍යවරුන් 129 ක් සිටිය යුතු නමුත් දැන් ඉන්නේ 66 යි. ඉන් 08 දෙනෙකු දෙසැම්බර්වල දී විශ්‍රාම යනවා.


මේ වගේ සෑම ක්ෂේත්‍රයකම සිටිය යුතු ප්‍රමාණය ඇත්තෙත් නැහැ, ඉන්න අයත් රට අත්හැර යනවා. මේ නිසා පර්යන්ත රෝහල්වල සමහර වාට්ටු මුළුමනින්ම අකර්මණ්‍ය වෙමින් තිබෙනවා. සාමාන්‍ය වෛද්‍යවරුන් 18,600 ක් පමණ සිටියත් මේ වන විට 1500 - 1700 අතර ප්‍රමාණයක් ඉවත්ව ගිහින්.


අපේ රටේ පර්යන්ත රෝහල් 50 ට ආසන්න ප්‍රමාණයක් වැසී යාමේ තර්ජනයක් මතුවෙලා තිබෙන්නේ. ඉන්න අය කොහොම හරි ඇදගෙන ගියත් මේ විදිහට යා හැකි සීමාවක් තිබෙනවා. විශේෂඥ වෛද්‍යවරුන් ඉතිරි වුණත් උදව්වට සාමාන්‍ය වෛද්‍යවරුන් නැතිනම් කිසිවක් කර ගන්න බැහැ.


සමහර රෝහල්වල හදිසි ශල්‍යකර්ම පමණක් සිදුකරනවා. වෛද්‍යවරුන් සහ විශේෂඥ වෛද්‍යවරුන් සේවයෙන් ඉවත්වීම හා රට අත්හැර යාම බරපතළ තත්වයක්. ලබන අගෝස්තු මාසය වන විට අම්පාර මහ රෝහලේ ඉන්න විශේෂඥ වෛද්‍යවරුන් හතර දෙනෙක් රට අත්හැර යාමට සූදානම් බව ආරංචි වෙනවා."
 

 



තව කියවන්න

https://aayubo.com/si
 

තව නිවුස් බලන්න ආයුබෝ app එක download කරන්න. 

Android 

https://play.google.com/store/apps/details?id=com.sumic.news_app_new

iOS 

https://apps.apple.com/us/app/aayubo/id6443983455
 

Follow Us..

FB pages 

https://web.facebook.com/aayubomedia

https://web.facebook.com/aayubonews

YT

https://youtube.com/@AayuboMedia

views

263 Views

Comments

arrow-up