විශේෂ කොමිෂන් සභා දෙකක් සඳහා නව සාමාජිකයන් පත් කෙරේ

ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාව සහ මුදල් කොමිෂන් සභාව සඳහා නව සාමාජිකයන් පත් කර තිබේ.
ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසිනි.
ඒ අනුව ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාවේ සභාපති ලෙස ඩබ්ලිව්. සුධර්මා කරුණාරත්න මහත්මියද සෙසු සාමාජිකයන් ලෙස වර්ණකුලසූරිය අයිවන් තිසේරා, ඩී. ඒ. පියසිරි දරණගම, සුමන්දිරන් සින්නකණ්ඩු, ඒ. ජි. පුබුදු අසංග ගුණවංශ යන මහත්වරුන් පත් කර ඇත.
මුදල් කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙස සුමිත් අබේසිංහ මහතා නම් කර ඇති අතර තුආන් නලීන් ඔසෙන් සහ මේයන් වාමදේවන් එහි සෙසු සාමාජිකයෝ වෙති.
212 Views
Comments