බූස්සේ හදිසි සෝදිසියක්
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
10

බූස්සේ හදිසි සෝදිසියක්

බූස්සේ හදිසි සෝදිසියක්

 

පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් විසින් බූස්ස බන්ධනාගාරයේ 08 වනදා සවස කළ සෝදිසි කිරීමේදී විශේෂ අංශයේ A කොටසෙහි සිරමැදිරි 46ක් පරීක්ෂාවට ලක් කොට ඇත. එහිදී රැඳවූවන් රඳවා සිටින සිරමැදිරි තුළ තිබී ජංගම දුරකතන 04, චාජර් 01, ඩේටා කේබල් 04 සිම්පත් 03 හා ඇඩැප්ටර් 01 හමුවී ඇත. බූස්ස අධිආරක්ශිත බන්ධනාගාරයේ රඳවා සිටින ප්‍රධාන පෙළේ සංවිධානාත්මක අපරාධකරුවන් වන කන්ජිපානි ඉම්රාන්, ශානුක මදුශාන් (ඕලුමරා), චමින්ද රවි ජයනාත් (දෙමටගොඩ චමින්ද) ජනිත් මදුශංක (පොඩි ලැසී) යන අය ළඟ තිබී මෙම ජංගම දුරකතන සහ උපාංග හමුවී ඇත.

 

 

කන්ජිපානි ඉම්රාන් රඳවා සිටින අංක 06 සිර මැදිරිය තුළ නොකියා වර්ගයේ කුඩා ප්‍රමාණයේ ජංගම දුරකතනයක් සිම්පත් 02ක් චාජර් 01ක් සහ ඇඩප්ටර් එකක් සොයාගෙන ඇති අතර, ජංගම දුරකතනයේ ඉමි අංකය මකා ඇත. අංක 11 සිරමැදිරියේ රඳවා සිටින ශානුක මදුශාන් නොහොත් ඕලුමරා සන්තකයේ තිබී නොකියා වර්ගයේ කුඩා ප්‍රමාණයේ ජංගම දුර කතනයක්, ඩේටා කේබල් එකක් හමු වී ඇති අතර දුරකතනයේ සිම්පත තිබුණේ නැත. අංක 38 සිරමැදිරියේ රඳවා සිටින චමින්ද රවී ජයනාත් නොහොත් දෙමටගොඩ චමින්ද ළඟ තිබී නොකියා වර්ගයේ කුඩා දුරකතනයක්, ඩේටා කේබල් එකක් සොයගෙන ඇති අතර, එම දුරකතනයේ සිම්පත නොතිබිණි. ජනිත් මදුශංක නොහොත් පොඩි ලැසී රඳවා සිටින අංක 46 සිරමැදිරිය තුළ තිබී හුවාවේ වර්ගයේ ස්මාර්ට් දුරකතනයක් සොයාගත් අතර එහි සිම්පත තිබූ අතර සිම්පතේ වර්ගය මකා ඇත. තවද ඩේටා කේබල් 02ක් හා කළු පැහැති ඉයර්පෝන් එකක් ද හමුව ඇත. මෙම ජංගම දුරකතන ඇතුළු භාණ්ඩ විශේෂ කාර්ය බළකා නිලධාරින් භාරයේ ඇත. මේ සම්බන්ධව වැඩිදුර විමර්ශන විශේෂ කාර්ය බළකාය විසින් සිදු කරයි.

views

255 Views

Comments

arrow-up