ටෙලිකොම් ආයතනය ඩොලර් මිලියන 500කට විකිණීමේ සුදානමක්?
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
03

ටෙලිකොම් ආයතනය ඩොලර් මිලියන 500කට විකිණීමේ සුදානමක්?

ටෙලිකොම් ආයතනය ඩොලර් මිලියන 500කට විකිණීමේ සුදානමක්?

 

ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සියයට 49.5ක කොටසක් ප්‍රමාණයක් විදේශ ආයෝජකයන් සඳහා විකිණීමට සුදානමක් පවතින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන ටෙලිකොම් වෘත්තීය සමිතිය පවසනවා.

 

එම සමිතියේ සභාපති හේමන්ත නෙත්තිකුමාර මහතා කියා සිටියේ ඩොලර් මිලියන 500ක පමණ මුදලකට ආයතනය විකුණා දැමීමට සුදානම් බවයි.

 

පසුගියදා ජනාධිපති උපදේශක සාගල රත්නායක මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා ඒ සඳහා සාකච්ඡා වට කිහිපයක් විදේශ ආයෝජකයින් සමඟ කොළඹ ප්‍රධාන පෙලේ හෝටලයක පසුගියදා පවත්වා ඇති බවයි ඒ මහතා සඳහන් කරන්නේ.

views

167 Views

Comments

arrow-up