නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාර මගඩියේ ඩොලර් බෙදෙන හැටි ගැන සජිත්ගෙන් අනාවරණයක්

විදුලි බිල වැඩි කොට ජනතාව කබලෙන් ලිපට දමන අතර සර්වපාක්ෂික ආණ්ඩු බිහි කරන්නට ආරාධනා කරන්නේ, නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාර මගඩිය හරහා හිමිවන ඩොලර් බෙදාගැනීමට දැයි විපක්ෂ නායක සජිත් පේමදාස ප්‍රශ්න කර සිටියි.
ජනතාව මෙතරම් පීඩාවට පත්ව සිටියදීත් මෙවැනි මගඩි වලින් තවදුරටත් මෙරට ප්‍රපාතයට ඇද වැට්ටවීමට ආණ්ඩුව කටයුතු කරමින් ඇති බව පැවසූ ඔහු උන්ගේ නෑදෑයන්ගේ පක්ෂයට හෝ උන්ගේ නෑදෑයන්ගේ මාධ්‍ය වලට මේවා නොපෙනෙන බවත් පැවසීය.
විදුලි බිල අධික ලෙස ඉහළ දැමීමට එරෙහිව සමගි ජන බලවේගයේ සහ සමගි ජන සන්ධානයේ මන්ත්‍රීවරුන් විසින් ඊයේ(29) පාර්ලිමේන්තුව ඉදිරිපිටදී නිහඬ විරෝධතාවයක් පැවැත්විය.
එම අවස්ථාවට එක් වෙමින් විපක්ෂ නායකවරයා මේ අදහස් කළ කලේය.
252 Views
Comments