ත්‍රිකුණාමලය - කොළඹ රාත්‍රී තැපැල් දුම්රිය යළිත්
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
07

ත්‍රිකුණාමලය - කොළඹ රාත්‍රී තැපැල් දුම්රිය යළිත්

ත්‍රිකුණාමලය - කොළඹ රාත්‍රී තැපැල් දුම්රිය යළිත්

කොවිඩ් 19 වසංගත තත්ත්වයක් සමඟ නතර වී තිබූ ත්‍රීකුණාමලය - කොළඹ රාත්‍රී තැපැල් දුම්රිය මගීන්ගේ ඉල්ලීම පරිදි අද (07) සිට යලිත් ධාවනය කිරීමට බලධාරීන් කටයුතු කර ඇත.

 

කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් ත්‍රීකුණාමලය - කොළඹ දුම්රිය ගල්ඔය දුම්රිය ස්ථානයට පමණක් සීමා වී තිබූ නිසා ත්‍රීකුණාමලයේ සිට පැමිණෙන මගීන්ට මඩකලපුවේ සිට පැමිණෙන රාත්‍රී තැපැල් දුම්රියට මාරුවීමට සිදු විය.

 

ඒ අනුව ත්‍රීකුණාමලය - කොළඹ රාත්‍රී තැපැල් දුම්රිය අද (07) සිට නැවතත් ගමන් ආරම්භ කිරීමට නියමිතය.

 

මෙම නව රාත්‍රී තැපැල් දුම්රිය මැදිරි 11කින් සමන්විත වන අතර මගීන්ගේ පහසුව සඳහා වායු සමීකරණය කළ මැදිරි 2ක් දෙවන පන්තිය සහ පළමු පන්තිය වශයෙන් යොදවා තිබේ.

 

එසේම මෙම දුම්රියේ තෙවන පන්තියේ ආසන ද වෙන් කර ගැනීමේ හැකියාව පවතී.

views

285 Views

Comments

arrow-up