මහා පරිමාණ සූදූ පොළක් වටලයි

පාදූක්ක - බෝපේ, හල්පේ වත්ත ලඳු කැලෑවක් තුළ මහා පරිමාණයෙන් පවත්වාගෙන ගිය සූදු පොළක් වැටලීමට පානදුර වලාන දූෂණ මර්ධන ඒකකය සමත් වී තිබේ.
මෙම වැටලීමට පොලිස් නිලධාරීන් 17 දෙනකු එක්ව ඇති අතර සූදු පොළේ සිටි කිසිඳු සැකකරුවකුට පැනයාමට ඉඩ නොදී පුද්ගලයන් 15 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත් විය.
එම සූදු පොළේ තිබූ රුපියල් 1,272,800ක මුදලක් පොලිස් භාරයට ගෙන තිබේ.
එසේම රුපියල් 19,000ක් අඩංගු තෝම් බෝතලයක් හා කැටයක් ද පොලීසිය විසින් සොයාගෙන තිබේ.
වසර ගණනාවක් තිස්සේ මෙම සූදු පොළ පවත්වාගෙන ගොස් තිබූ අතර ලැබුණු තොරතුරක් අනුව දින දෙකක කාලයක් දිවා රෑ සිදු කළ මෙහෙයුමකින් අනතුරුව මෙම වැටලීම සිදුකර ඇත.
284 Views
Comments