වායු රයිෆල් උණ්ඩයක් ඇසට වැදී 15 හැවිරිදි දරුවෙකු මියයයි

වායු රයිෆලයකින් තැබූ වෙඩිල්ලක් ඇසකට වැදීමෙන් තුවාල ලබා පොලොන්නරුව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 15 හැවිරිදි කුඩා දරුවෙකු මියගොස් ඇති බව වාර්තා වනවා.
මෙලෙස ඔහු මියගොස් ඇත්තේ මාස 2යි දින 20ක් රෝහල්ගතව ප්‍රතිකාර ලැබීමෙන් අනතුරුවයි.
නිවසේ ලී පෙට්ටියක බහා තිබූ වායු රයිෆලය අලුත්වැඩියා කටයුත්තක් සඳහා ගෙන එන ලෙසට මියගිය දරුවාගේ පියා ඔහුට පවසා ඇති අතර ඒ අනුව රයිෆලය පෙට්ටියෙන් ඉවතට ගැනීමට උත්සහ කිරීමේදී එය ක්‍රියාත්මක වී එයට ඇතුළත් කර තිබූ උණ්ඩය දරුවාගේ ඇසට වැදී තිබෙනවා.
මෙම සිදුවීම පසුගිය අගෝස්තු 27 වනදා සිදුවී ඇති අතර රෝහල්ගතව සිටි දරුවා මියගියේ පෙරේදා දිනයේ ය.
වැලිකන්ද පොලිසිය විසින් දරුවාගේ පියා සම්බන්ධ පරීක්ෂණ සිදුකරමින් පවතී.
912 Views
Comments