පුටුව බේරගන්න රතන හිමි අධිකරණයට යයි

තම පක්ෂ සාමාජිකත්වය සහ මන්ත්‍රීධූරය අහෝසි කිරීමට අපේ ජනබල පක්ෂය ගෙන තිබෙන තීරණය බල රහිත කිරීමේ නියෝගයක් ඉල්ලා අතුරලියේ රතන හිමි ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.
පෙත්සම ඉදිරිපත් කරමින් රතන හිමි පවසන්නේ තමා අපේ ජන බල පක්ෂයේ සාමාජිකයෙකු නොවන බැවින් විනය කඩ කළේ යැයි තමාගේ මන්ත්‍රීධූරය අහෝසි කිරීමට පක්ෂයේ මධ්‍යම කාරක සභාවට හෝ විනය කමිටුවට බලයක් නොමැති බවයි.
මේ නිසා තමන් වහන්සේගේ පාර්ලිමේන්තු මන්ත්‍රි ධුරය අහිමි වී නොමැති බවට වන තීන්දුවක් ලබා දෙන ලෙස උන්වහන්සේ අධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා තිබේ.
776 Views
Comments