ගිනි අවි දෙකක් සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට

බෝර 12 උණ්ඩ යෙදිය හැකි මෙරට නිශ්පාදිත ගිනි අවි දෙකක් සමඟ සැකකරුවන් දෙදෙනකු ඊයේ(04) සවස අත්අඩංගුවට ගත් බව නෙළුව පොලිසිය කියයි.
නෙළුව පොලිස් ස්ථානයට ලැබුණු තොරතුරක් අනුව ඇලඉහල, හබරකඩ තවලම පදිංචි 34 හැවිරිදි පුද්ගලයෙකු සතුව තිබි මෙරට නිෂ්පාදිත බෝර 12 උණ්ඩ යෙදිය හැකි ගල්කටස් වර්ගයේ තුවක්කුවක් සහ එම උණ්ඩ 01ක් සොයාගෙන තිබේ.
ඔහුගෙන් තවදුරටත් සිදුකල ප්‍රශ්න කිරිම් වලදී ඔහුගේ මිතුරෙකු වන කරණ්දෙනිය දංගහවිල 43 හැවිරිදි පුද්ගලයකුද බෝර 12 උණ්ඩ යෙදිය හැකි මෙරට නිෂ්පාදිත ගල්කටස් වර්ගයේ ගිනි අවියක් හා උණ්ඩ 01ක් සමඟ අත්අඩංගුවට ගෙන ඇත.
තවලම පදිංචි සැකකරු ඩුබායි සිට පැමිණ ඇති අතර දංගහවිල පදිංචි සැකකරු බටහිර ඖෂධ අලෙවි නියෝජිතවරයෙකු ලෙස රැකියාව කරන අයෙකු බවටද අනාවරණය වි තිබේ.
782 Views
Comments