කුඩු ජාවාරමාගේ මිලියන 80ක වාහන පොලිස් බාරයට

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස හඳුනාගෙන ඇති දෙමටගොඩ රුවන් සහ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍රගේ ඝාතතනය සම්බන්ධයෙන් මරණ දණ්ඩනය නියමව සිටින දෙමටගොඩ චමින්ද නැමැත්තා මත්ද්‍රව්‍ය ජාවාරමෙන් ඉපෙයූ මුදලින් මිලට ගත් බව කියන රුපියල් කෝටි 8ක් පමණ වටිනා අධි සුඛෝගභෝගී වාහන හතරක් රහස් පොලීසියේ නීති විරෝධී දේපල හෝ වත්කම් විමර්ශණ කොට්ඨාශයේ කණ්ඩායමක් විසින් සොයාගනු ලැබිණි.
දෙමටගොඩ රුවන් නැමැති අය විසින් මිලදී ගෙන ඇති ලෑන්ඩ් රෝවර් රථයක් සහ වෙසල් වර්ගයේ මෝටර් රථයක්ද දෙමටගොඩ චමින්ද නැමැත්තා ඔහුගේ බිරිඳගේ නමින් මිලදී ගෙන ඇතැයි කියන ලෑන්ඩ් කෘෂර් රථයක් සහ බී. එම් ඩබ්ලිව් රථයක් මෙලෙස පොලිස් භාරයට ගත් බව එහි පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.
මොවුන් දෙදෙනා සොහොයුරන් වෙයි.
දෙමටගොඩ රුවන් නැමැත්තා මත්ද්‍රව්‍ය ජාවාරමෙන් ඉපැයූ මුදලින් මිලට ගත් බව කියන කෝටි විස්සක් පමණ වටිනා අධි සුඛෝගභෝගී වාහන 06 පසුගිය 29 වැනිදා සැකකරු සමඟම රහස් පොලීසිය විසින් අත්අඩංගුවට ගත්තේය.
731 Views
Comments