අද ජල සැපයුම අත්හිටුවන ප්‍රදේශ

අලුත්ගම, මතුගම සහ අඟලවත්ත ඒකාබද්ධ ජල සම්පාදන ව්‍යාපෘතියේ අත්‍යවශ්‍ය වැඩිදියුණු කටයුත්තක් හේතුවෙන් ප්‍රදේශ රැසක ජල සැපයුම පැය 10ක කාලයක් අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
අද (28) පෙරවරු 9.00 සිට පස්වරු 7.00 දක්වා කාලය තුළ මෙම ජල සැයපුම අත්හිටුවනු ඇති.
ඒ අනුව වාද්දූව, වස්කඩුව, පොතුපිටිය, කළුතර උතුර සහ දකුණු, කටුකුරුන්ද, නාගොඩ, පිලිමනාවත්ත, පයාගල, බෝඹුවල, මග්ගොන, යන ප්‍රදේශවල ජල සැපයුම අත්හිටුවීමට නියමිතය.
ඊට අමතරව බේරුවල, දර්ගා නගරය, කලුවාමෝදර, මොරගල්ල, අලුත්ගම සහ බෙන්තොට යන ප්‍රදේශවල ද ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළේය.
681 Views
Comments