විදුලි බල මණ්ඩලය දැවැන්ත පාඩුවක් ලබයි - ගල් අගුරු ආනයනයත් කොට උඩ
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
28

විදුලි බල මණ්ඩලය දැවැන්ත පාඩුවක් ලබයි - ගල් අගුරු ආනයනයත් කොට උඩ

විදුලි බල මණ්ඩලය දැවැන්ත පාඩුවක් ලබයි - ගල් අගුරු ආනයනයත් කොට උඩ

කොවිඩ් වසංගතය හමුවේ විදුලි බිල්පත් නොගෙවූ පාරිභෝගිකයන් හට අඛණ්ඩව විදුලිය දීමට පියවර ගැනීම හේතුවෙන් සැප්තැබම්බර් මාසය වන විට රුපියල් කෝටි 2,840ක පාඩුවක් සිදුව තිබේ.

 

ඒ සමඟ මේ වසරේ ලංවිම ලබන පාඩුව රුපියල් කෝටි 6,000 සිට රුපියල් කෝටි 9,000 දක්වා වැඩි වන බව ගණන් බලා තිබේ.

 

කොරෝනා වසංගතය නිසා ඉකුත් මාස කිහිපයේදී මාසික විදුලි බිල්පත් නොගෙවා සිටින අයට අඛණ්ඩව විදුලි බලය දීමට මණ්ඩලය පියවර ගෙන තිබූ අතර, ඉකුත් සැප්තැම්බර් මාසය වනවිට පමණක් එම දුන් සහනයේ වටිනාකම රුපියල් කෝටි 2,840ක් ඉක්මවා ගොස් තිබිණි.

 

මෙරට විදුලි පාරිභෝගිකයන්ගෙන් ලංකා විදුලිබල මණ්ඩලයට මාසිකව රුපියල් කෝටි 70කට අධික මුදල් ප්‍රමාණයක් එකතු වන අතර, ඉකුත් මාස කිහිපයේදී සංචරණ සීමා දැඩි කිරීම නිසා විදුලි බිල්පත් ගෙවීම සඳහා සහන කාලයක් දීමට පියවර ගෙන තිබිණි.

 

කෙසේ වෙතත් එම කාල සීමාවේදී මාසික විදුලි බිල්පත ගෙවීමට හැකියාව ඇති විදුලි පාරිභෝගිකයන් පවා අදාළ මාසික ගෙවීම පැහැර හැරීම නිසා ලංකා විදුලිබල මණ්ඩලයේ ආදායම් විශාල ලෙස අඩුවී ඇතැයි මේ සම්බන්ධයෙන් 'දිනමිණ' කළ විමසීමකට පිළිතුරු දුන් විදුලිබල ඇමැති ගාමිණී ලොකුගේ මහතා සඳහන් කළේය.

 

මෙරට සමස්ත විදුලි පාරිභෝගිකයන් ගණන ලක්ෂ 63කි. ඒ අයගෙන් ලක්ෂ 62ක්ම ඉකුත් මාස කිහිපයේදීම විදුලි බිල්පත් ගෙවීම මෙලෙස පැහැර හැර ඇතැයි මණ්ඩලය කළ සොයා බැලීම්වලදී තහවුරු වී ඇත.

 

හෝටල් හා කර්මාන්තශාලා හිමියන්ගෙන් පමණක් රුපියල් කෝටි 1,720කට අධික මුදල් ප්‍රමාණයක් මණ්ඩලයට අය විය යුතුව තිබේ.

 

මේ තත්ත්වය හමුවේ නොරොච්චෝල ගල් අගුරු බලාගාරයට අවශ්‍ය ගල් අගුරු මිලදී ගැනීමට අවශ්‍ය මුදල් ගැනීම ඇතුළු අනෙකුත් කටයුතුවලට දැඩි ලෙස බලපා ඇතැයිද ලංකා විදුලිබල මණ්ඩලය කියා සිටී.

views

708 Views

Comments

arrow-up