කාන්තාවන්ගෙ වැරදි පුරුදු වලින් ප්‍රයෝජන ගන්නා ATM හොරු
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
28

කාන්තාවන්ගෙ වැරදි පුරුදු වලින් ප්‍රයෝජන ගන්නා ATM හොරු

කාන්තාවන්ගෙ වැරදි පුරුදු වලින් ප්‍රයෝජන ගන්නා ATM හොරු

මාතලේ රත්තොට ප්‍රදේශය නිවසක් බිඳ එහි තිබූ ATM කාඩ්පත් සොරකම් කර ලක්ෂ පහකට ආසන්න මුදලක් කොල්ල කෑ පුද්ගලයෙකු පසුගිය 26 වනදා මාතලේ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

 

සැකකරු රත්තොට පොලිස් බල ප්‍රදේශයට අයත් ඕවල, මැටිහක්ක, කම්බිඅඩිය ප්‍රදේශ වල නිවෙස් බිඳ මෙලෙස ATM කාඩ් සොරාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

 

ඔහු විසින් සොරා ගෙන ඇති සියලුම ATM කාඩ් පත් කාන්තාවන්ගෙ වීම විශේෂත්වයකි. ඇතැම් කාන්තාවන් සිය කාඩ්පත් වල රහස් අංකය සිය බෑගයේ හා කාඩ්පත්වල බහා තැබීම නිසා සැකකරුට පහසුවෙන් මුදල ගැනීමට හැකිවී තිබෙනවා.

 

අත්අඩංගුවට පත් සැකකරු අධික ලෙස මත් කුඩුවලට ඇබ්බැහි වූ බවට අනාවරණය වී ඇති අතර ඔහු සොරා ගත් මුදල් යොදාගෙන බූරු ක්‍රීඩාවේ යෙදී ඇති බව පොලිසිය පවසනවා.

 

ඔහුව මාතලේ මහෙස්ත්‍රාත් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව සිටි.

views

1277 Views

Comments

arrow-up