හෙරොයින් සමඟ මව සහ පුතා මීගමුවේදී අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
04

හෙරොයින් සමඟ මව සහ පුතා මීගමුවේදී අත්අඩංගුවට

හෙරොයින් සමඟ මව සහ පුතා මීගමුවේදී අත්අඩංගුවට

මීගමුව, කොච්චිකඩේ, සොයිසාවත්ත ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය සමඟ කාන්තාවක්, ඇගේ පුතු හා ඔහුගේ බිරිඳ මෙන්ම හෙරොයින් ලබාදීමට පැමිණි බන්ධනාගාර නියාමකවරයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

 

මීගමුව කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයට ලද තොරතුරකට අනුව පළමුවෙන් අදාළ 24 හැවිරිදි පුත්‍රයා අත්අඩංගුවට ගෙන ඇත්තේ හෙරොයින් ග්‍රෑම් 7යි මිලි ග්‍රෑම් 200ක් සමඟයි.

 

පසුව හෙරොයින් ග්‍රෑම් 4 යි මිලි ග්‍රෑම් 230 ක් සමඟ ඔහුගේ 50 හැවිරිදි මව අත්අඩංගුවට ගැනීමටයි පොලීසිය සමත් වී ඇත්තේ.

 

එහිදී මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයන ලද රුපියල් 70,000 ක පමණ මුදලක් සමඟ ඇගේ 28 හැවිරිදි ලේලිය අත්අඩංගුවට ගැණුනා.

 

එම අවස්ථාවේ ඔවුන්ට හොරොයින් ලබාදීමට පැමිණි අදාළ බන්ධනාගාර නියාමකවරයා අත්අඩංගුවට ගෙන ඇති අතර ඒ ඔහු සන්තකයේ තිබූ හෙරොයින් ග්‍රෑම් 5 ක් සහ අයිස් ග්‍රෑම් 3ක් සමගින්.

 

ඔහු අඹේපුස්ස තරුණ වරදකරුවන්ගේ විශෝධන මධ්‍යස්ථානයට අනුයුක්තව සේවය කරන 30 හැවිරිදි බන්ධනාගාර නියාමකවරයෙක් බව සඳහන්

views

4208 Views

Comments

arrow-up