ගාල්ලේ ලබාදුන් ඇස්ට්‍රසෙනෙකා එන්නත් 632න් 425ක්ම බස්නාහිර පළාතේ අයට දුන් බව හෙළිවේ
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
27

ගාල්ලේ ලබාදුන් ඇස්ට්‍රසෙනෙකා එන්නත් 632න් 425ක්ම බස්නාහිර පළාතේ අයට දුන් බව හෙළිවේ

ගාල්ලේ ලබාදුන් ඇස්ට්‍රසෙනෙකා එන්නත් 632න් 425ක්ම බස්නාහිර පළාතේ අයට දුන් බව හෙළිවේ

ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ දී පසුගිය 5 සහ 7 දෙදින තුළ ලබාදුන් ඇස්ට්‍රසෙනෙකා එන්නත් 632 න් 425ක්ම ලබාදී ඇත්තේ බස්නාහිර පළාතෙන් පැමිණි අයට බව මේ වනවිට අනාවරණය වී තිබේ.

 

දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා විසින් අධිකරණ නියෝගයකට අනුව ගාල්ල පොලිසිය වෙත ලබා දුන් නාම ලේඛනයෙහි මේ බව සඳහන් වේ.

 

ඒ අනුව එම එන්නත් වලින් දකුණු පළාතේ පුද්ගලයින්ට හිමි වී තිබුණේ එන්නත් 207ක් පමණි.

views

1733 Views

Comments

arrow-up