ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය පිටවීම සම්බන්ධයෙන් සොයමින් සිටි කුරුණෑගල ටියුෂන් සර් අධිකරණයට භාරවෙයි

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය පිටවූ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් වන පරීක්ෂණ සඳහා සොයමින් සිටි, කුරුණෑගල ප්‍රදේශයේ උපකාරක පංති ගුරුවරයා ඊයේ (24) අපරාධ විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
මෙම උපකාරක පංති ගුරුවරයා නීතිඥයකු මාර්ගයෙන් අපරාධ විමර්ශන අංශයට පැමිණ භාර වූ අවස්ථාවේදී අත්අඩංගුවට ගෙන ඇත.
ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය පිටවීම සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කිරීමට අපරාධ විමර්ශන ඒකකය මගින් විමර්ශන කණ්ඩායමක් පත්කර තිබූ අතර, ඔවූහු ඉකුත් දින කිහිපය පුරා මෙම සැකකරු සොයා පරීක්ෂණ සිදු කළහ.
සිද්ධිය සම්බන්ධව සොයමින් සිටි මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ සැලසුම් අංශයේ අධ්‍යක්ෂවරයා සහ මෙම ටියුෂන් ගුරුවරයා යන දෙදෙනාම මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු ඊයේ කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
183 Views
Comments