විදෙස් රැකියා බලාපොරොත්තුවෙන් සිටින අයට නිවේදනයක්
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
07

විදෙස් රැකියා බලාපොරොත්තුවෙන් සිටින අයට නිවේදනයක්

විදෙස් රැකියා බලාපොරොත්තුවෙන් සිටින අයට නිවේදනයක්

දකුණු කොරියාව, ජපානය සහ ඊශ්‍රායල් රැකියා ලබාදෙන බව පවසා මුදල් ගසාකෑමේ ජාවාරමක් පිළිබඳව තොරතුරු වාර්තා වූ බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි.

 

 

අදාළ රටවල්වල රැකියා සඳහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් ක්‍රියාත්මක කරන බඳවා ගැනීමේ වැඩසටහන යටතේ රැකියා සපයාදෙන බව පවසා, වංචනික පිරිසක් විසින් එළෙස මුදල් ගසාකෑමේ ජාවාරමක් සිදුකරන බව එම කාර්යාංශය පවසයි.

 

 

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පෙන්වා දෙන්නේ දකුණු කොරියාවේ රැකියා සඳහා බඳවාගැනීම් හා පුහුණු කිරිම් කාර්යාංශය මගින් පමණක්ම විධිමත් ක්‍රමවේදයක් යටතේ සිදුකරන බවය.

views

824 Views

Comments

arrow-up