ගුරු විදුහල්පති වැටුප් ගැටළුවට ආණ්ඩුවේ අවසන් තීරණය ලබන සතියේ
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
24

ගුරු විදුහල්පති වැටුප් ගැටළුවට ආණ්ඩුවේ අවසන් තීරණය ලබන සතියේ

ගුරු විදුහල්පති වැටුප් ගැටළුවට ආණ්ඩුවේ අවසන් තීරණය ලබන සතියේ

ගුරු විදුහල්පති වැටුප් විෂමතාව පිළිබඳව ඇතිවී ඇති ගැටලුකාරී තත්ත්වය සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයේ තීන්දුව එළඹෙන සතියේ දැනුම් දීමට නියමිත බව අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවසුවා.

 

අමාත්‍යවරයා සඳහන් කළේ වැටුප් ගැටලුව පිළිබඳව සොයා බැලීමට පත් කළ කැබිනට් අනු කමිටු වාර්තාව ඊයේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබුණු බවයි.

 

ඊයේ පැවති රැස්වීමේදීද මේ පිළිබඳ සාකච්ඡාවට ලක්වී ඇති අතර අවසාන තීන්දුව ලබන සතියේ ලබා දීමට නියමිතයි.

 

කෙසේ වෙතත් ගුරු වෘත්තිය සමිති සඳහන් කරන්නේ නිසි විසඳුමක් නොලැබුණහොත් සිය වෘත්තිය ක්‍රියාමාර්ග දැඩි කරන බවයි.

views

838 Views

Comments

arrow-up