වන අලියෙකුගේ පහරදීමකින් තිදරු පියා අවසන් ගමනේ
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
17

වන අලියෙකුගේ පහරදීමකින් තිදරු පියා අවසන් ගමනේ

වන අලියෙකුගේ පහරදීමකින් තිදරු පියා අවසන් ගමනේ

තම නිවසේ ගෙවත්තේ වගාකර තිබෙන එලවඵ වගාවට සාත්තු කිරීම සඳහා ගිය තිදරු පියෙකු අද(17)  වන අලි පහරදීමකින් මියගොස් ඇතැයි පන්සියගම පොලීසිය කියයි.

 

අවුරුදු හැටක් පමණ වයසැති පන්සියගම, තල්වැහැර ප්‍රදේශයේ පදිංචි තිදරු පියෙකු මෙලෙස මරණයට පත්ව ඇත.

 

මෙම පුද්ගලයා තම ගෙවත්තේ වගාකර තිබෙන වගාවේ වල් නෙලමින් වතුර හරවමින් වගා බිමේ රැඳී සිටින අතරතුර අවට රක්ෂිතයක ගැවසුණු වන අලියෙකු එක්වරම ගෙවත්තට ඇතුල්වී පහරදීමෙන් මෙම අනතුර සිදුවි තිබෙන බවත්, අවට පිරිස් එක්ව තුවාලකරු වහාම පොල්පිතිගම මූලික රෝහල කරා රැගෙන ගියත් ඔහු ඒ වනවිටත් මිය ගොස් සිටි බව පොලීසිය පවසයි.

views

784 Views

Comments

arrow-up