තවත් වෛද්‍යවරයෙකු කොවිඩ් ආසාදිතව ජීවිතක්ෂයට පත්ව ඇත
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
11

තවත් වෛද්‍යවරයෙකු කොවිඩ් ආසාදිතව ජීවිතක්ෂයට පත්ව ඇත

තවත් වෛද්‍යවරයෙකු කොවිඩ් ආසාදිතව ජීවිතක්ෂයට පත්ව ඇත

කෑගල්ල, ගලිගමුව අඹන්පිටිය ග්‍රාමයේ පදිංචිව සිටි 54 හැවිරිදි ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය පත්ම ශාන්ත මහතා කොවිඩ් ආසාදිතව පේරාදෙණිය මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වී ඇත.

 

 


දෙදරු පියෙක් හා කෑගල්ල මහ රෝහලේ වෛද්‍යවරියකගේ ස්වාමිපුරුෂයා වන මොහු ගලිගමුව ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ කලක සිට ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා ලෙස කටයුතු කර තිබේ.

 

 


පේරාදෙණිය මහ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී වෛද්‍ය පත්ම ශාන්ත මහතා ජීවිතක්ෂයට පත්වූ බව සෞඛ්‍ය අංශ පවසයි.

views

925 Views

Comments

arrow-up