මදුරු කීටයන් හදුනාගැනීමට පොලිස් සුනඛයන් පුහුණු කරයි
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
04

මදුරු කීටයන් හදුනාගැනීමට පොලිස් සුනඛයන් පුහුණු කරයි

මදුරු කීටයන් හදුනාගැනීමට පොලිස් සුනඛයන් පුහුණු කරයි

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා පවසා සිටියේ ජලය එක්‍ රැස්වන ආකාරයට පරිසරය අපවිත්‍රව තබාගන්නා ස්ථානවල මදුරු කීටයන් සිටීදැයි හදුනාගැනීමට මහනුවර පොලිස් සුනඛයන් පුහුණු කිරීමේ ඒකකය විසින් සිදුකළ පුහුණු කිරීමකින් අනතුරුව පොලිස් නිල සුනඛයන් වන ජොනී හා රොමා යන සුනඛයන් සාර්ථකව මදුරු කීටයන් හදුනාගැනීමට සමත් වූ බවයි.

 

 


ඉදිරියේදී මදුරු කීටයන් හදුනාගැනීම සදහා තවත් නිල සුනඛයන් මේ ආකාරයට පුහුණු කරන බවත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා කියා සිටියේය.

 

 


එතුමා තවදුරටත් පවසා සිටියේ ශ්‍රී ලංකා පොලීසිය සතුව සිටින 200කට ආසන්න නිල සුනඛයන් විවිධ පොලිස් මෙහෙයුම් සදහා සාර්ථකව සහය දක්වන බවයි.

views

947 Views

Comments

arrow-up