අද කාලගුණය
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
18

අද කාලගුණය

අද කාලගුණය

සවස් කාලයෙන් පසුව ඌව පළාතේ සහ අම්පාර , මඩකලපුව දිස්ත්‍රික්කවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ දෙපාර්තමේන්තුව දන්වා සිටියි.

 

 


සබරගමුව , බස්නාහිර පළාත්වල සහ ගාල්ල , මාතර , මහනුවර , නුවරඑළිය දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් හෝ ඇතැම් ස්ථානවල මිලිමීටර් 50ක පමණ තද වැසි ඇතිවිය හැක.


හම්බන්තොට , ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවල හා මධ්‍යම කදුකරයේ බටහිර බෑවුමේ , උතුරු , උතුරු මැද , වයඹ පළාත්වල කිලෝමීටර 40 - 50 දක්වා සුළං ඇතිවිය හැක.

 

 


කාලගුණ දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ අකුණු හා සුළං මගින් ඇතිවන හානි අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.

views

867 Views

Comments

arrow-up