පළාත් අතර මස් ප්‍රවාහනයට අවසර

උතුරු පළාත හැර අනෙකුත් සියලුම ප්‍රදේශවල මස් ප්‍රවාහනයට යළිත් අනුමැතිය ලබා දී ඇති බව ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කරයි.
උතුරු සහ නැගෙනහිර පළාත්වල ගවයන් සහ එළුවන් මියයෑම හේතු කොටගෙන සියලුම ප්‍රදේශ අතර මස් ප්‍රවාහනය පසුගිය දින තහනම් කර තිබුණි.
එම තහනම ඉවත් කරමින් ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කරන්නේ පසුගිය දිනවල උතුරු සහ නැගෙනහිර පළාත්වල ගවයන් සහ එළුවන් මියගියේ අයහපත් කාලගුණ තත්ත්වය නිසා මිස වසංගත රෝගයකින් නොවන බව සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව තහවුරු කර ඇති බවයි.
233 Views
Comments