සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන් 04 දෙනෙකු අත්අඩංගුවට

පසුගිය මස 19 වනදා නවගමුව දැඩිගමුව ප්‍රදේශයේ දී පුද්ගලයෙකුට තියුණු ආයුධවලින් පහර දී ඝාතනය කිරීමට උත්සහ කිරීමේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයන් 04 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරුවන් සමඟ කඩු 02ක්, මන්නා පිහි 04ක්, මෙරට නිෂ්පාදිත අත් බෝම්බ 02ක් සහ අපරාධ සඳහා භාවිතා කළ බවට සැක කෙරෙන ත්‍රී රෝද රථයක් සහ යතුරු පැදියක් පොලිස් භාරයට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගත් පිරිස ජාත්‍යන්තර පොලීසිය විසින් රතු නිවේදන නිකුත් කර තිබෙන විදේශ ගතව සැඟවී සිටින ප්‍රධාන පෙළේ අපරාධකරුවෙකුගේ ගෝලයන් බවට තොරතුරු හෙළිවී තිබේ.
අත්අඩංගුවට ගත් පිරිස හෙට (10) කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
261 Views
Comments