ගාලු‍ සිරි බලන්න ගිය විදෙස් තරුණ යුවළ පැදවූ ති‍්‍රරෝදය වාද්දුවේදී වෙළෙඳසැලකට කඩාවදී
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
05

ගාලු‍ සිරි බලන්න ගිය විදෙස් තරුණ යුවළ පැදවූ ති‍්‍රරෝදය වාද්දුවේදී වෙළෙඳසැලකට කඩාවදී

ගාලු‍ සිරි බලන්න ගිය විදෙස් තරුණ යුවළ පැදවූ ති‍්‍රරෝදය වාද්දුවේදී වෙළෙඳසැලකට කඩාවදී

විදෙස් තරුණ යුවළක් ගමන් ගත් ත්‍රිරෝද රථයක් පසුගිය 03 වනදා පස්වරුවේ වාද්දුව ප්‍රදේශයේ වෙළඳසැලකට කඩාවැදීමෙන් ත්‍රිරෝදයට සහ යතුරුපැදියකට හානි සිදුවී තිබේ.

 

ක්‍රොඒෂියාවේ සිට මීට දින කිහිපයකට ඉහතදී ශ්‍රී ලංකාවට පැමිණ මීගමුවේ නවාතැන්ගෙන සිටි යුවළ ගාල්ලේ සංචාරයකට යමින් සිටියදී අනතුර සිදුව ඇත.

 

අනතුර සිදුවන අවස්ථායේ විදෙස් කාන්තාව විසින් ත්‍රිරෝදය පදවා තිබේ. 

 

ඇය මාධ්‍යයට පැවසුවේ “පාරේ කවුදෝ හිටියා. ඔහු බේරගන්න තිරිංග තදකළා. මාර්ගයෙන් ඉවතට ඇදී ගොස් වෙළෙඳ සැලට හානි වුණා. ඒ ගැන කණගාටු වෙනවා” යනුවෙනි.

views

661 Views

Comments

arrow-up