තවත් කොරෝනා මරණ 24ක්

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා මරණ 24ක් වාර්තාවී තිබෙනවා.
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (25) තහවුරු කළ මෙම මරණ අතර කාන්තාවන් 8ක් සහ පිරිමි පුද්ගලයන් 16ක් වනවා.
වයස අවුරුදු 30ට අඩු වයස් කාණ්ඩයේ කිසිදු මරණයක් වාර්තාවී නැහැ.
අවුරුදු 30ත් 59ත් අතර වයස් කාණ්ඩයෙන් වාර්තාවී ඇති මරණ සංඛ්‍යාව 5ක්.
කාන්තාවන් දෙදෙනෙකු සහ පිරිමි තුන්දෙනෙකු ඒ අතර වනවා.
අවුරුදු 60 සහ ඊට වැඩි වයස් කාණ්ඩයේ පිරිමි පුද්ගලයන් 13ක් සහ කාන්තාවන් 6ක් වශයෙන් මරණ 19ක් වාර්තා වුණා.
අද වාර්තා කළ මෙම මරණ 24ත් සමග මෙරට සමස්ත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 16166ක් ලෙසටයි.
මේ අතර මේ දක්වා මෙරටින් කොරෝනා ආසාදිතයන් 643072ක් වාර්තාවී තිබෙනවා.
ඉන් 18455ක් රෝහල්ගතව හෝ නිවෙස්වල වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබමින් පසුවන අතර සුවය ලබා නිවෙස් වෙත පිටත්ව ගොස් ඇති සංඛ්‍යාව 608475ක්.
605 Views
Comments