මැයි මාසය වනවිට තෙල් බැරලයක් ඩොලර් 125 ඉක්මවන ලකුණු

රුසියාව සහ යුක්රේනය අතර අර්බුදය හේතුවෙන් සැපයුමට බාධා එල්ල වුවහොත් ලබන මැයි මාසය වනවිට ලෝක වෙළඳපොලේ බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 125 දක්වා ඉහළ යනු ඇති බවට අනාවැකි පළ වනවා.
ගෝල්ඩ්මන් සාච් ඇමරිකානු ආයෝජන බැංකු සහ මූල්‍ය සේවාව පවසන පරිදි ඒ අනුව ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල සියයට 25 කින් පමණ ඉහළ යනු ඇති.
රුසියාව විසින් යුක්රේන ආක්‍රමණය ආරම්භ කළ පසුගිය බ්‍රහස්පතින්දා ලෝක වෙළඳපොලේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 105 දක්වා ඉහළ ගියා.
රුසියානු බලශක්ති කර්මාන්තය ඉලක්ක කරගත් සම්බාධක පැනවීමෙන් අනතුරුව එය, සමනය වීමක් දක්නට ලැබෙනවා.
කෙසේ නමුත් ලෝක වෙළඳපොල් තෙල් බැරලයක මිල තවදුරටත් පවතින්නේ ඩොලර් 100 කට ආසන්න අගයකයි.
635 Views
Comments